Search

මිල්ටන් ඩික් ඔස්ටේ්‍රලියාවේ නව කථානායක ලෙස පත්වෙයි

ඔස්ටේ්‍රලියාවේ 47 වන පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස මිල්ටන් ඩික් තෝරාගෙන තිබෙනවා.

ඔහු නියෝජනය කරන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

වසර නවයකට පසු කම්කරු පක්ෂ රජයක පළමු පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වුනා.

පළමු සතිය තුළ නව පනත් 18 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පසුගිය මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු පළමු වරටයි ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අද රැස්වූයේ.

ඉතිහාසයේ වැඩිම විවිධත්වයක් සහිත පාර්ලිමේන්තුව මෙවර පත්වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දේශපාලනඥයින් 10 දෙනෙකු මෙවර නියෝජනය කිරීම විශේෂත්වයක්.

හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී නොවන්නේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන සමුලූවකට සහභාගී වීම හේතුවෙනුයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »