වික්ටෝරියා සත්වෝද්‍යාන නැරඹීමේ නව නීති

ගව මුඛ සහ කුර රෝගය වළක්වා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ සත්වෝද්‍යාන සඳහා නව රෙගුලාසි පණවා තිබෙනවා.

ඒ අනුව ඇතැම් සත්වයන් අසලටම ගොස් නැරඹීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මෑතකදී ඉන්දුනීසියාවේ සංචාරය කර පැමිණි පුද්ගලයන්ටද සත්වෝද්‍යාන වෙත හැකිතාක් පැමිණිමෙන් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති සත්වෝද්‍යාන 03 සඳහාම බලාත්මක මෙම නව නියමන් දක්වමින් Zoos Victoria විසින් ලක්ෂ 03 ක පමණ පිරිසකට ඊ-මේල් පණිවිඩයක්ද යොමුකර තිබෙනවා.

මෙල්බන් සත්වෝද්‍යානයේ කොටසක් වසා දැමීමටද පියවර ගෙන ඇති බවයි එහි තවදුරටත් සඳහන් වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »