ගව මුඛ හා කුර රෝගය නිසා වැඩිම බලපෑම එල්ලවන ප්‍රාන්තය

COW

ගව මුඛ සහ කුර රෝගය සීඝ්‍රයෙන් පැතිර ගියහොත් ඔස්ටේ්‍රලියාවේ වැඩිම බලපෑම එල්ලවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ අනුව එහි ආර්ථිකයට ඩොලර් බිලියන 1.1 ක පාඩුවක් සහ රැකියා 34,000 ක අහිමිවීමක් සිදුවනු ඇතැයි ඊයේ නිකුත් කල නවතම වාර්තාවක සඳහන්.

පසුගිය සතියේදී නිකුත්කල වාර්තාවක දැක්වුණේ ඔස්ටේ්‍රලියාව පුරා මෙම රෝගය පැතිර ගියහොත් ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවයි.

කෙසේවෙතත් ෆෙඩරල් රජය දිගින් දිගටම අවධාරණය කරන්නේ ගව මුඛ සහ කුර රෝගය රට තුළ ව්‍යාප්තිය වළක්වාලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි.

ඒ අනුව ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ගේ පාවහන් සහ සපත්තු විෂබීජහරණය ගුවන් තොටුපළේදීම සිදුකිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »