මංකිපොක්ස් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස නම් කරයි

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.

කිසියම් රෝගයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පණවන ලද ඉහළම අනතුරු ඇගවීම මෙයයි.

මේ වන විට ලෝකයේ රටවල් 75 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 16,000 ක් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩේරෝස් ඇඩ්නම් සඳහන් කළේ.

ලොව පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව, 5 ක්.

මන්කිපොක්ස් වෛරසය 1970 දශකයේදී ලොව පළමු වරට හඳුනාගන්නේ කොංගෝ රාජ්‍යයෙනුයි.

අනතුරුව අප්‍රිකානු රටවල් 11 කින් ආසාදිතයින් හඳුනා ගැණුනා.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මන්කිපොක්ස් ආසාදිතයින්ගෙන් උණ ඇතුළුව පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »