ඔස්ටේ්‍රලියාවේ ඉන්ධනවල ප්‍රමිතිය වැඩිකරන්න යයි – මිළත් වැඩිවන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ඉන්ධනවල ප්‍රමිති ඉහළ නැංවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඒ අනුව සල්ෆර් ප්‍රතිශතය අඩු කර ගුණයෙන් ඉහළ පෙට්‍රල් සැපයීම සඳහා වන යෝජනාවක් බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ඒමට නියමිත බව සඳහන්.

වායු දූෂණය අවම කිරීම මෙහි තවත් අපේක්ෂාවක් වනවා.

මෑතකදී නිකුත් කල වාර්තාවක දැක්වුණේ ඔස්ටේ්‍රලියාව ඉන්ධනවල ප්‍රමිතිය අඩුම රටක් බවයි.

කෙසේවෙතත් ප්‍රමිතිය වැඩි කිරීමත් සමග ඉන්ධන මිළ ගණන් ඉහළ යා හැකි බවටද වාර්තා පළවනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »