Just In : රනිල් ජනපති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මීට සුලු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදීයි.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුට මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණා.

මේ අතර රනිල් වික්‍රමසිංහ අට වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් කරගත් බවට වන ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »