සති 03 කින් ලංකාවට වෙන්න යන දේ මහ බැංකු අධිපති කියයි

මේ වන විට පවතින අති දුෂ්කර වාතාවරණයෙන් ගොඩ ඒමට ඉදිරි මාස පහ හය අතර කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ සඳහා සහය වීමට සමස්ත පුරවැසියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කලේ.

සී.එන්.එන් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකලා.

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදෙස් මුදල් සංචිත බොහෝ විට ප්‍රමාණවත් විය හැක්කේ ඉදිරි සති දෙකක හෝ තුනක කාලයකට ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා පමණක් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබීමට ලබන දෙසැම්බරය තෙක් බලා සිටීමට සිදුවන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ කියාසිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන පළමු වටයේ ගිවිසුම් ගතවීම මේ මාසය අවසන් වීමට පෙර සිදු කර ගත හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කලේ.

තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමේ සූදානමක් මේ මොහොතේ මහ බැංකු සැලසුම් තුළ නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »