රනිල් අද දිවුරයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති.

තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිටත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකිරීමට අවසර දෙන ලෙසයි රනිල් වික්‍රමසිංහ ඊයේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ අට වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් කරගත් බවට වන ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »