NSW අගමැති හුදකලා නීති වෙනසක් ඉල්ලයි

කොවිඩ් වෛරසය තවත් සැළකිය යුතු කාලයක් පැවතිය හැකි බැවින් හුදකලා නීති සංශෝධනය කල යුතු කාලය එළැඹ ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පවසනවා.

රැකියාවට යාමට නොහැකිව හුදකලාවීමට සිදුවන පුද්ගලයන්ට ලෙස කොවිඩ් සහන දීමනාව අවම වශයෙන් සැප්තැම්බර් අග වනතුරු හෝ

දීර්ඝ කල යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ශීත සෘතුව අවසාන වීමෙන් පසු ප්‍රාන්ත රජයන් සහ සෞඛ්‍ය අංශ එක්ව හුදකලා නීති වෙනස් කල යුතු දැයි නැවත විමසා බැලිය යුතු බවත් අගමැතිවරයා සඳහන් කලා.

දැනට බලාත්මක දින 07 ක හුදකලා කාලය තවදුරටත් එලෙසම පවත්වාගෙන යන්නේදැයි එහිදී විමසා බැලීමට හැකිවනු ඇති බවයි ඩොමිනික් පෙරෝටේ කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »