
Poker ක්‍රීඩා කිරීම හේතුවෙන් පසුගිය වසර 30 තුළදී වික්ටෝරියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 66 කට අධික බව නවතම වාර්තා හෙළි කරනවා.
වසර 30 කට පෙර Poker යන්ත්‍ර වික්ටෝරියාවට හඳුන්වාදීමේදී එවැනි යන්ත්‍ර ප්‍රාන්තය පුරා තිබී ඇත්තේ 10,000 ක් පමණ සංඛ්‍යාවක්.
එහෙත් මේ වනවිට එය 03 ගුණයකින් පමණ ඉහළ ගොස් 30,000 කට ආසන්න වී තිබෙනවා.

ඉන් බහුතරය Pubs සහ සමාජ ශාලාවල පිහිටුවා ඇති බවද සඳහන්.
වික්ටෝරියානුවන් Poker ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම වළක්වාලීමට කිසිදු පියවරක් ගැනීමට අවධානය යොමුකර නැතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.
