
ඉහළ යන උද්ධමනය හමුවේ ඉන්ධන බදු කපා හැරීම තවදුරටත් දීර්ඝ කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මාර්ග ගාස්තු සහ පොදු ප්‍රවාහන ගාස්තුද ලබන ජනවාරි මාසය දක්වා නොවෙනස්ව පවත්වාගෙන යාමටයි නවසීලන්තය අද තීරණය කර ඇත්තේ.
පසුගිය මාසයේදී නවසීලන්තය ඉන්ධන මිළ ගණන් ඉහළ දැමුණු අතර ජීවන වියදම ඉහළයාම සඳහා සහනයක් ලෙසයි මෙම තීන්දු ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවද පසුගිය මාර්තු මාසයේදී ඉන්ධන බදු කපා හැරි නමුත් ලබන සැප්තැම්බරයේදී එය අවසන් කිරිමට නියමිතයි.
පසුගිය සතියේදී පොළී අනුපාත ඉහළ දැමීමටද නවසීලන්ත සංචිත බැංකුව පියවර ගනු ලැබුවා.
