
ඔස්ටේ්‍රලියානු කෘෂිකර්මාන්තයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ මේ වනවිට ව්‍යාප්ත වන ගව මුඛ සහ කුර රෝගය ඔස්ටේ්‍රලියාවටද ඇතුලුවීමේ අවධානමක් පැවතීම ඊට හේතුවයි.
මෙම තත්වය වළක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බව කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් කියාසිටියා.

කිසියම් අයුරකින් මෙම රෝගය ඔස්ටේ්‍රලියාවට ඇතුලු වුවහොත් සමස්ත ගව කර්මාන්තයම විනාශවනු හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
ඉන්දුනීසියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණෙන සියලු ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත්තේද මේ හේතුව මතයි.
