
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදන අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ නිල නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

කතානායක කාර්යාලය සඳහන් කලේ අදාළ ලිපියේ නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලූ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් අද දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ඊයේ පස්වරුවේ ලැබී තිබුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවට පැමි”ම සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එරට සංචාරය පෞද්ගලික සංචාරයක් බවයි.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට රැකවරණය පැතීමක් සිදුකර නොමැති බවත්, එලෙස රැකවරණයක් ලබාදීමට සිංගප්පුරු රජය ක්‍රියා කර නොමැති බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.
මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 10.00ට එය ආරම්භවීමට නියමිතයි.