පාස්පෝට් හැදිල්ල 289% කින් ඉහළට

පසුගිය වසරේ පළමු මාස හයට සපේක්ෂව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 289%කින් වැඩිව ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව මේ වසරේ පළමු මාස හයක කාලය තුළ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 437,382ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ කාල සීමාව තුළ දී එක් එක් මාසය තුළ නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රවල සාමාන්‍ය දැක්වෙන්නේ 72,000ක් ලෙසයි.

ඒ අනුව ජනවාරි මාසයේ දී ගුවන් ගමන් බලපත්‍ 52,278ක්, පෙබරවාරි මාසයේදී 55,381ක්, මාර්තු මාසයේදී 74,890ක්, අප්‍රේල් මාසයේ දී 53,151ක්, සහ මැයි මාසයේ දී 52,945ක් ලෙස ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබෙනවා.

නමුත් ජුනි මාසයේ දී එම සංඛ්‍යාව දැක්වෙන්නේ 122,491ක් ශීඝ්‍ර වැඩි වීමක් සිදුව තිබෙනවා.

එය 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 221%ක වර්ධනයක්.

එසේ ම මෙම වසරේ මුල් මාස හය තුළ නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව පසුගිය වසර පුරා ම නිකුත් කෙරුණු ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව වන 382,506 හා සැසඳීමේ 14%ක ඉහළ යාමක් ලෙසත් දැක්විය හැකිය.

කෙසේ නමුත් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව, එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩි ම ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ 2016 වසරේ දී වන අතර එය ගණනින් 658,725ක්.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »