Search

ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති අද සිට

ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති අද සිට බලාත්මක වනවා.

නව නීති අනුව උපදෙස් කඩ කිරීම සිදු කළහොත් අදාළ සන්නිවේදන සමාගම්වලට ඩොලර් 250,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනවා.

දත්ත වලට අනුව, 2021 වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කෙටි පණිවිඩ වංචා වලින් මුල්‍ය පාඩු 188% කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

මෙම නව නීති මගින් පාරිභෝගිකයින්ට වංචාවන්ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් හිමිවනු ඇති.

ගතවූ මාස ​​16 තුළ, ඔස්ටේ්‍රලියානු දුරකථන අංකවලට ලැබුණු වංචා ඇමතුම් මිලියන 549 කට අධික ප්‍රමාණයක් අවහිර කර ඇති බවයි සන්නිවේදන සමාගම් වාර්තා කර ඇත්තේත

එමෙන්ම වංචා ඇමතුම් පැමිණිලිවල විශාල පහත වැටීමක් සිදුවී තිබෙනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »