
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් වසංගත රෙගුලාසි තවත් මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව දැනට ඉතිරිව පවතින සියලුම කොවිඩ් මර්දන නීති රීති ඔක්තෝබර් 12 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් බලාත්මක වනු ඇති.
මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය යැයි හැගී යන ඕනෑම පියවරක් ගැනීමට මේ අනුව ප්‍රාන්ත බළධාරීන්ට අවස්ථාව උදාවනවා.

ප්‍රාන්තයේ කොවිඩ් තත්වය සතුටුදායක මට්ටමක නොමැතිවීම සැළකිල්ලට ගෙන මෙම රෙගුලාසි දීර්ඝ කිරීම සිදුකල බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.
ඊයේ වාර්තාවූ කොවිඩ් මරණ 16 ත් සමග වසංගතය ආරම්භයේ සිට වික්ටෝරියා හි සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4000 ඉක්මවා ගියා.
