ඔස්ටේ්‍රලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු වික්ටෝරියා ප්‍රාන්තයෙන්

පසුගිය මැයි මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 480,000 ක් පැවති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසනවා.

එය පෙබරවාරි මාසය හා සැසඳීමේදී පුරප්පාඩු 58,000 ක පමණ ඉහළ යාමක්.

2020 වසරේ පෙබරවාරි මාසයේ සංඛ්‍යාලේඛණ විශ්ලේෂණයේදී මෙම වසරේ මැයි මාසයේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තමන් සතුව එක් පුරප්පාඩුවක් හෝ ඇතැයි සඳහන් කල ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවද කොවිඩ් තත්වය ආරම්භයේ සිට මේ දක්වා සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරනවා.

කොවිඩ් තත්වය හමුවේ බොහෝ පිරිසක් රැකියාවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමත් නැවත එම පුරප්පාඩු සතුටුදායක අන්දමින් සම්පූර්ණ නොවීමත් මෙම තත්වයට බලපා තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන් වන අතර එහි ප්‍රතිශතය සියයට 18 ක්.

නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත රැකියා පුරප්පාඩුවලින් සියයට 12 කට හිමිකම් කියමිනුයි.

මුලු ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින්නේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ (Retail) වන අතර එහි ප්‍රතිශතය සියයට 38 ක්.

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »