වීසා කාණ්ඩ 500 ශිෂ්‍ය වීසා සඳහා අලුත් නීතියක්

ශිෂ්‍ය වීසා 500 වීසා උප ඛාණ්ඩයට අදාළ වන සංශෝධනයක් ඊයේ සිට බලාත්මක වනවා.

ඒ අනුව ඔස්ටේ‍රලියාවේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා, නිබන්ධන හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට නොහැකි වනවා.

ඒ අනුව පහත අධ්‍යයන අංශවල නිරතවන සිසුන්ට අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

graduate certificate
graduate diploma
master’s degree
doctorate
ශාස්ත්රපති උපාධියක් (master’s degree) හෝ ආචාර්ය උපාධියක් (doctorate) සඳහා අධ්යයන හෝ පර්යේෂණ පාඨමාලාවක් සඳහා prerequisite හෙවත් පූර්ව අවශ්යතාවයක් ලෙස අවශ්ය ඕනෑම bridging course එකක්

කිසියම් පාඨමාලාවක් වෙනස් කිරීම ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව තර්ජනයක් වීමට ඉඩක් නොමැති බවට ස්වදේශ අමාත්‍යවරයා විසින් නිසි තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණක් ඒවා වෙනස් කිරීමට අනුමැතිය දීමට ප්‍රතිපාදන හිමිවනවා.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »