ඔස්ටේ්‍රලියා පනින්න ගිය තව 54 ක් අල්ලයි

නීති විරෝධීව ඔස්ටේ්‍රලියාව බලා යාමට සුදානමින් සිටි 54 දෙනෙකු කල්මුණේ හිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියාසිටියේ බහුදින ධීවර යාත්‍රාවක්ද අද අලුයම මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල පදිංචිකරුවන්ද සහ ඔවුන්ගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

නීතිවිරෝධී ලෙස ඔස්ටේ‍රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ඊයේ නිවේදනය කලේ.

ඉන් 91 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ.

නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »