
සේවකයන් සොයා ගැනීමට නොහැකිවීම හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා ව්‍යාපාර රැසක් කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කර තිබෙනවා.
විශේෂයෙන් කොවිඩ් තත්වයෙන් පසුව නිර්මාණය වූ සේවක හිගය තවමත් පහව ගොස් නොමැති බවයි ඔස්ටේ්‍රලියානු සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමය අද නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
පසුගිය මාස 03 දී එම තත්වය වඩාත් උග්‍ර වූ බවද දැනට ව්‍යාපාරික ආයතනවලින් සියයට 55 කට පමණ මෙම තත්වය බලපා ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.

පවතින තත්වය විසඳාගැනීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස ඔවුන් සඳහන් කරන්නේ විශ්‍රාම ගොස් සිටින එහෙත් සේවය කිරීමට කැමති පුද්ගලයන් තාවකාලික අන්දමින් හෝ බඳවා ගැනීමයි.
එහෙත් ඒ සඳහා ෆෙඩරල් රජය විසින් නීති රෙගුලාසි ලිහිල් කල යුතු බවද ඔස්ටේ්‍රලියානු සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමය අවධාරණය කරනවා.

තවත් විකල්පයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ විදේශයන්හි සිටින පුහුණු සේවකයන් සඳහා පණවා ඇති රෙගුලාසි ලිහිල් කරන ලෙසටයි.