
නීතියට පටහැණිව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන වෘත්තිය සමිතිවලින් අය කෙරෙන දඩ මුදල් ඉහළ දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වර්ජනයේ නිරත වන පළමු දිනය සඳහා ඩොලර් 55,000 ක දඩයක්ද – එතැන් සිට සෑම දිනයකටම ඩොලර් 27,500 බැගින්ද දඩ අය කිරීම කෙරෙහියි අවධානය යොමුවී ඇත්තේ.
අත්‍යවශ්‍ය සේවා – ප්‍රවාහන සේවකයන් – ගුරුවරුන් – හෙදියන් ද මේ සඳහා යටත් වනු ඇති.

ලබන අගහරුවාද දිනයේදී හෙදියන් විසින්ද බදාදා දිනයේදී ගුරුවරුන් විසින්ද සැලසුම් කර ඇති වර්ජන හමුවෙියි ප්‍රාන්ත රජය විසින් මෙම තීරණ ගැනීමට නියමිත වන්නේ.
කෙසේවෙතත් වෘත්තිය සමිති විසින් මෙම තීරණ දැඩිව හෙළාදැක ඇත්තේ එය සිය වෘත්තිය අයිතිවාසිකම් කප්පාදුවක් බවට චෝදනා කරමිනුයි.
