වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව ඔස්ටේ්‍රලියාවට එරෙහි තරගාවලිය දිනයි

සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත් වුණා.

ඒ ඔස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති සිව්වන එක්දින තරගයේ දී ඔවුන් ලකුණු 04 කින් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම වසර 30ක් පැරණි වාර්තාවක් අලූත් කිරීමට සමත් වුවා.

ඒ වසර 30 කට පසු සිය මව් බිමේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් අත් කර ගැනීමට සමත්වීමත් සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඔස්ටේ්‍රලියානු කණ්ඩායමක් පරාජය කර තරගාවලි ජයග්‍රහනයක් අත් කරගෙන ඇත්තේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුවයි.

ඊයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 කදී සියලූ දෙනා දැවී ලකුණු 258 ක් රැස් කර ගනු ලැබුවා.

තරගයේ වීරයා වූ චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය රැස් කරමින් ලකුණු 110ක් ලබා ගත්තා.

ධනංජය සිල්වා ලකුණු 60 ක් රැස් කරගනු ලැබුවා.

ලකුණු 259 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ටේ්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 254 ක් ලබා ගත්තා.

ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස් කරනු ලැබුවා. පැට් කමින්ස් 35 යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න කඩුලූ 02 ක බැගින් දවා ගනු ලැබුවා.

ඒ අනුවයි තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනු ලැබුවේ.

දෙරට අතර අවසාන එක්දින ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩ තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් පිරිනමා තිබුණා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »