ඔස්ටේ්‍රලියාවට පැමිණි සහ පිටත්ව ගිය ගුවන් මගීන් දෙගුණයකින් ඉහළට

මැයි මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි සහ පිටත්ව ගිය ගුවන් මගීන් සංඛ්‍යාව මාර්තු මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේදී පුද්ගලයන් 374,630 ක් රටට පැමිණ තිබූ අතර 335,240 ක් රටින් පිටත්ව ගොස් තිබුණා.

මැයි මාසයේදී 651,060 ක් රටට පැමිණ ඇති අතර 663,970 ක් රටින් බැහැර ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

කොවිඩ් තත්වයට පෙර මෙම අගයන් දෙකම සාමාන්‍යයෙන් මාසයකට ලක්ෂ 22 ඉක්මවා සටහන්ව තිබුණා.

කෙටි කාලීන සංචාරකයන් – සිසුන් – ස්ථිර පදිංචිකරුවන් යන සියලු කාණ්ඩවලට අයත් පුද්ගල පැමිණීම් මෙලෙස ඉහළ යාමක් සටහන්ව තිබීම විශේෂත්වයක්.

මැයි මාසයේදීත් ඔස්ටේ්‍රලියාවට වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ නවසීලන්තයෙන් වන අතර 02 වන ස්ථානය මහා බි්‍රතාන්‍යයෙන්ද 03 වන ස්ථානය ඉන්දියාව ලෙසද සටහන් වනවා.

වැඩිම පිරිසක් පැමිණ තිබුණේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර අඩුම පිරිස සටහන් වන්නේ Northern Territory ප්‍රාන්තයෙනුයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »