Search

අවුරුදු 04 – 05 දරුවන්ට වසරක් නොමිළයේ පූර්ව අධ්‍යාපනය දීමේ VIC – NSW ඒකාබද්ධ වැඩපිළිවෙලක්

අවුරුදු 04 ත් 05 ත් අතර වියෙහි පසුවන කුඩා දරුවන්ට වසරක කාලයක් නොමිළයේ පූර්ව අධ්‍යාපනය ලබාදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් හඳුන්වාදී තිබෙනවා.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහ නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

2025 වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේත් 2030 වසරේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේත් මෙම වැඩපිළිවෙල අත්හදා බැලීමට නියමිතයි.

මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් බිලියන 09 ක මුදලක්ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ඩොලර් බිලියන 5.8 ක මුදලක්ද ඉදිරි වසර 10 ක කාලය සඳහා වෙන් කිරීමට නියමිතයි.

kindergarten මට්ටමට පෙර පූර්ව අධ්‍යාපනය ලබාදීමයි මෙහිදී සිදුවන්නේ.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »