අවම වැටුප ඉහළ දැමීම ගැන අගමැති ප්‍රසාදය පළකරයි

අවම සේවක වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රසාදය පළකරනවා.

මෙමගින් කර්මාන්ත හෝ ව්‍යාපාර බිඳවැටීමක් කිසිදු ආකාරයකින් සිදු නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග අඩු වැටුප් ලබන සේවකයන් ඉමහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් එම පීඩනය අඩු කිරීම මෙහිදී සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අගමැතිවරයා සඳහන් කලා.

පසුගිය මැතිවරණයේදී එවක විපක්ෂ නායක, වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් පැවසුවේ තමා බලයට පත්වුවහොත් සියයට 5.1 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.

Fairwork කොමිසම නිවේදනය කලේ ජූලි 01 දා සිට අවම වැටුප සියයට 5.2 කින් ඉහළ නංවන බවයි.

මේ අනුව අවම ජාතික වැටුප ඩොලර් 21.38 ක් දක්වා ඉහළ යනවා.

අවම වැටුප් ලබන සේවකයෙකුට සතියකට ඩොලර් 40 ක පමණ අමතර මුදලක් හිමිවනු ඇති.