අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුවට රංජන්ට අත්හිටුවන ලද සිර දඩුවමක්

අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ට වසර 05 කට අත්හිටුවන ලද වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

බුවනෙක අලුවිහාරේ – එල් ටී බී දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය ලබාදුන්නේ.

2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණ සමයේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක සිදුකල ප්‍රකාශයක් මගින්

අධිකරණයට අපහාස සිදුකල බවටයි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව විභාග කෙරුණේ.

ඊට වරද පිළිගැනීමත් වෙනත් නඩුවකට අදාළව සිර දඩුවම් විඳිමින් සිටීමත් සැළකිල්ලට ගෙන රංජන් රාමනායකට මෙලෙස ලිහිල් දඩුවමක් ලබාදෙන බවයි විනිසුරු මඩුල්ල දන්වා ඇත්තේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »