ලංකාවෙන් ගැලවුණු එරොෆ්ලොට් මාලදිවයිනට ගුවන් ගමන් වැඩි කරයි

මාලදිවයින දක්වා සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් තීරණය කර තිබෙනවා.

එ අනුව දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර සංඛ්‍යාව ලබන 10 වනදා සිට ඉහළ දැමෙනු ඇති.

බටහිර බලපෑම හමුවේ යුරෝපයේ රටවල් රැසකට සිදුකරන ගුවන් ගමන් නතර කිරීමත් – ශ්‍රී ලංකාව දක්වා සිදුකල ගුවන් මෙහෙයුම අත්හිටුවීමත් මීට බලපා ඇති බවයි මාලදිවයින් වාර්තාවල දැක්වෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ රුසියාවෙන් මාලදිවයින වෙත පැමිණ ඇති සංචාරකයන් ගණන 67,088 ක්.

සමස්තයක් ලෙස වසරේ මේ දක්වා මාලදිවයිනට පැමිණ ඇති මුලු සංචාරකයන් ගණන 706,468 ක් බවයි එරට වාර්තා පවසන්නේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »