නිවු සවුත් වේල්ස් මහාමාර්ග ගාස්තු අඩු කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා මහාමාර්ග ගාස්තු (toll) අඩු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

සියයට 40 ක පමණ ගාස්තු අඩු කිරීමක් මෙහිදී සිදුවන අතර කාර්තුවකට ලක්ෂ 03 කට ආසන්න රියදුරන් පිරිසකට මෙමගින් සෙත සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලබන ජූලි පළමුවනදා සිට මෙම ගාස්තු අඩු කිරීම බලාත්මක වන අතර ඉදිරි වසර 02 තුළදී ඩොලර් මිලියන 520 ක පමණ ආදායමක් එමගින් තමන්ට අහිමිවනු ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කියාසිටියා.

මෙම වරප්‍රසාදය ලබාගැනීම සඳහා නිවු සවුත් වේල්ස් රියදුරන් Service NSW හරහා ලියාපදිංචි විය යුතුයි.

ගාස්තු අය කිරීම සාමාන්‍ය පරිදි සිදුවන අතර සහන මුදල බැංකු ගිණුමට බැර කෙරෙනු ඇති.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »