
මෙල්බන් ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය හැලම් හි පිහිටා ඇති ඇඹුල අවන්හල මංකොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා.
එහි හිමිකරු චම්පික චතුරංග මද්දුමගේ සඳහන් කලේ වෙළඳසැලේ තිබූ cash pos system යන්ත්‍රයද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි.
හැලම් ඇඹුල සහ තවත් වෙළඳසැලක්ද මෙහිදී මංකොල්ලකරුවන් ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි ඔහු කියාසිටියා.

අද දින දහවල් ඇඹුල හැලම් සහ බෙරික් ව්‍යාපාර කටයුතු සිදුනොවන අතර සුපුරුදු පරිදි අද දින සවස 5.00 ට රාත්‍රී ව්‍යාපාර කටයුතු සිදුකරන බව චම්පික චතුරංග මද්දුමගේ සඳහන් කලා.
හැලම් හි සතියක් ඇතුලත වෙළඳසැල් මංකොල්ලකෑමකට ලක්වූ 02 වන අවස්ථාව මෙයයි.

චම්පික චතුරංග මද්දුමගේ පවසන්නේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම මීට හේතුව බවයි.
මෙම සිදුවීම සම්බන්ධ සවිස්තර වාර්තාවක් අද රාත්‍රී 08 අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.