Search

හෝටල් නිරෝධායන බිල්පත් මෙතෙක් ලැබී නැතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් කියයි

හෝටල් නිරෝධායනයට අදාළ බිල්පත් මෙතෙක් ලැබී නැතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් පවසනවා.

එබැවින් තමන්ට නිසි පරිදි ගෙවීම් සිදුකිරීමට සහ ගාස්තු අඩු කිරීමක් ලැබේ නම් එයද දැනගැනීමට නොහැකි වි ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නිරෝධායනය අවසන්වී සති 06 ත් 10 ත් අතර කාලයකදී ලැබීමට තිබූ බිල්පත් පවා තමන්ට හිමිවූයේ මාස 05 ක් පමණ ප්‍රමාදවී බවද ඔවුන් සඳහන් කලා.

ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ තම සමස්ත දේපළම විනාශ වී ගිය බැවින් නිරෝධායන බිල්පත් ගෙවා ගැනීමට අසීරු තත්වයක් හටගෙන ඇති බවයි ප්‍රාන්ත වාසීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් 77,000 කට පමණ හෝටල් නිරෝධායන බිල්පත් නිකුත් කර ඇති අතර ඉන් 20,000 ක් පමණ ගාස්තු කපා හැරීමක් ඉල්ලා තිබෙනවා..

එහෙත් ඉන් අවසන් තීන්දුවක් දී ඇත්තේ 4600 ක පමණයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »