දකුණු ඔස්ට්‍රේලියා Skilled වීසා nomination සහ ROI බාරගැනීම අවසන් දින ප්‍රකාශයට

දකුණු ඔස්ට්‍රේලියා 2021-22 මුල්‍ය වර්ෂය සඳහා Skilled වීසා වැඩසටහනේ nomination සඳහා වූ අයදුම්පත් සහ Registrations of Interest (ROIs) බාරගැනීම අවසන් කරන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

General Skilled Migration වැඩසටහන සඳහා ජුනි 23 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරෙනු ඇති.

General Skilled Migration වැඩසටහනේ Offshore Registration of Interests (ROIs) බාර ගැනීම ජුනි 09 වන දින පස්වරු 4 ට අවසන් කෙරෙනවා.

General Skilled Migration – Talent and Innovators වැඩසටහනේ ROIs ජුනි 09 වන දින පස්වරු 4 ට බාර ගැනීම අවසන් කෙරෙනවා.

Business Innovation and Investment වැඩසටහනේ Business Innovation Stream (Subclass 188A) සඳහා ජුනි 09 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරෙනු ඇති.

Business Innovation and Investment වැඩසටහනේ Investor Stream (Subclass 188B) ජුනි 20 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරෙනවා.

අයදුම්පත් බාර ගැනීමේ දිනට පෙර ලැබුණු අයදුම්පත් ජුනි 30 වන විට අගයන බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තම්න්තුව පවසනවා.

වැඩිදුර තොරතුරු :

https://www.migration.sa.gov.au/news-events/important-message-skilled-business-migration-program-closures

 

-With Inputs from SBS-

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »