
ඔස්ටේ්‍රලියාව තුළ නිවාස ඉදි කරන්නන් විසින් සිදුකරන අක්‍රමිකතා පිටු දැකීමේ අරමුණ ඇතිව ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.
නගර කවුන්සිල – ප්‍රාන්ත රජයන් සහ ෆෙඩරල් රජයන් විසින් මීට අදාළව දැඩි පියවර ගත යුතු බවටයි එමගින් යෝජනා කර ඇත්තේ.
සිය නිවස ගිනි ගැනීමෙන් පසු දෙවන නිවසක් ඉදි කිරීම ආරම්භ කලද වසර 03 ක් යනතුරු එය අවසන් නොවීමේ අත්දැකීමට මුහුණදී සිටින අයෙකු විසින් මෙම පෙත්සම ආරම්භ කර තිබෙනවා.

නිවාස ඉදි කරන්නන් විසින් මවාපාන චිත්‍රය සහ සැබෑ තත්වය හාත්පසින්ම වෙනස් බවයි මෙම පෙත්සමේ දැක්වෙන්නේ.
මෙම ඔන්ලයින් පෙත්සමට පහතින් අත්සන් තැබිය හැකියි.
