වික්ටෝරියා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 260 ක පුරප්පාඩු 5000 ක් / සම්මුඛ පරීක්ෂණ හෙට

වික්ටෝරියා ප්‍රාන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල ඇති පුරප්පාඩු 5000 ක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට දිනය පුරා පැවැත්වෙනවා.

හෙට එනම් සෙනසුරාදා පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා ප්‍රාන්තයේ පිහිටා ඇති ඕනෑම මැක්ඩොනල්ඩ්ස් අවන්හලකට ගොස් බඳවාගැනීම් කළමණාකරු මුණගැසී එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටිය හැකියි.

එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මෙහිදී වැය කරන කාලය උපරිම විනාඩි 05 කට සීමා කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ එක් දිනයකදී මෙවැනි දැවැන්ත බඳවාගැනීම් වැඩසටහනක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

වයස අවුරුදු 15 ට වැඩි ඕනෑම අයෙකුට වික්ටෝරියා හි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 260 න් ඕනෑම එකකට පැමිණ මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකියි.

දැඩි සේවක හිගය හමුවේ බලපෑම් එල්ලවී ඇති ප්‍රධානම ආයතනයක් ලෙසයි මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලය සැළකෙන්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »