
එළඹෙන ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අයත් එක් දින සහ පන්දුවාර 20 තරග පසුව ක්‍රීඩා කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන යෝජනාව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනුයි ශ්‍රී ලංකාව විසින් පළමුවෙන් ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ.
කෙසේවෙතත් නොනිළ මට්ටමින් එය ප්‍රතික්ෂේප වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා උපුටා දක්වමින් ක්‍රිකට් වාර්තාවල සඳහන්.

පන්දුවාර 20 තරග 03 ක් / එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02 ක් ඇතුළත් දීර්ඝ තරග සංචාරයක් සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තවත් සති 02 ත් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ජුනි 07 වනදා සිට ජූලි 12 වනදා දක්වායි තරගාවලිය පැවැත්වෙන්නේ.
