ඔස්ටේ්රලියාවේ පළමු වඳුරු උණ රෝගියා මෙල්බන් නගරයෙන් හමුවී තිබෙනවා.
එමෙන්ම දෙවැන්නා බවට සැක කෙරෙන රෝගියෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී ඇති අතර එය තහවුරු කරගනිමින් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කලා.
මෑතකදී මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කර පැමිණි 30 හැවිරිදි තරුණයෙකු මෙලෙස මෙල්බන් නගරයෙන් වාර්තා වී තිබෙනවා.
සිඩ්නි නගරයේ හමුවී ඇති සැකකටයුතු රෝගියා 40 හැවිරිදි වියෙහි පසුවනවා.
වෛරසයක් මගින් පැතිරෙන වඳුරු උණ රෝගය ඉතා පහසුවෙන් තවත් අයෙකුට ආසාධනය නොවන්නක් බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.
දැනට යුරෝපා රටවල් රැසකින් වඳුරු උණ රෝගය ආසාදිතයන් හමුවී තිබෙනවා.