ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අවසන් ප්‍රචාරක කටයුතුවල – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අවසන් ප්‍රචාරක කටයුතුවල

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අවසන් ප්‍රචාරක කටයුතුවල

ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භවීමට පැය 24 කට අඩු කාලයක් තිබියදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාද අද අවසන් ප්‍රචාරක කටයුතුවල නිරත වනවා.

අගමැති ස්කොට් මොරිසන් අද පර්ත් නගරයේ වැඩි වශයෙන් කාලය ගත කරන අතර ලේබර් පක්ෂ නායක සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අද ඇඩිලේඩ් සහ සිඩ්නි නගරවල ප්‍රචාරණ කටයුතුවල නිරත වනවා.

මේ අතර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇති බවට අද නිකුත් වූ නවතම වාර්තාවක සඳහන්.

එසේ වුවහොත් කුඩා පක්ෂවල සහය ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රධාන පක්ෂවලට සිදුවනු ඇති.

2022 ෆෙඩරල් මැතිවරණ ඡන්ද විමසීම හෙට පෙරවරු 08 ට ආරම්භ වී පස්වරු 06 ට අවසන්වීමට නියමිතයි.

COMMENTS