පොලී අනුපාත වැඩි කලත් දීමනා අඩු කරන්නේ නෑ – අගමැති මොරිසන්

පොලී අනුපාත ඉහළ දැමුණුද විවිධ දීමනා ලබන පුද්ගලයන්ට බාධාවක් වීමට ඉඩ නොතබන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

විශ්‍රාමිකයන් 450,000 කගේ සහ වෙනත් දීමනා ලබන්නන් 440,000 කගේ පමණ අනාගතය වත්මන් ලිබරල් පාලනය යටතේ සුරක්ෂිත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.

අදාළ දීමනාවල කිසිදු කප්පාදුවක් සිදු නොකරන බවටද අගමැතිවරයා සහතික වනවා.

ඉහළ යන උද්ධමනය හමුවේ පොලී අනුපාත ඉහළ දැමීමට මධ්‍යම බැංකුව ඊයේ පියවර ගත් අතර ඊට සමගාමීව බැංකුකරණ කටයුතු විවිධාකාරයෙන් වෙනස් විය හැකියි.

මේ අතර අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරන්නේ පොලී අනුපාත ඉහළ දැමීම සිය මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නොවනු ඇති බවයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »