
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ අපේක්‍ෂකයෙකු ෆෙඩරල් පොලිසිය වෙත යොමු කර ඇති අතර ඔහු පක්ෂ දෙකකින් ආසන දෙකක් සඳහා අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වූ බවට චෝදනා කිරීමෙන් පසුව ඔහු මැතිවරණයට නුසුදුසු බවට තීන්දු කිරීමට නියමිතය.
Malcolm Heffernan වන මොහු One Nation පක්‍ෂය නියෝජනයන් කරමින් NSW ප්‍රාන්තයේ Banks ආසනය සඳහා සහ Australian Federation Party පක්‍ෂය නියෝජනයන් කරමින් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් හි Brand ආසනය සඳහා නම් කර ඇති බව කියනු ලැබේ. එය මැතිවරණ පනත යටතේ තහනම් කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇති අතර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අපරාධයක් සිදුවී ඇත්ද යන්න තීරණය කරනු ඇත.

Source: https://www.9news.com.au/national/federal-election-2022-one-nation-candidate-malcolm-heffernan-referred-afp-nominating-two-seats/0111a074-5f71-44c0-9055-a0086c796a70
Photo: Gettyimages

COMMENTS