ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් සූදූ ක්‍රීඩා කිරීම සඳහා නැඹුරු වීම ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් සූදූ ක්‍රීඩා කිරීම සඳහා නැඹුරු වීම ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් සූදූ ක්‍රීඩා කිරීම සඳහා නැඹුරු වීම ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් දැඩි ලෙස සූදූ ක්‍රීඩා කිරීම සඳහා නැඹුරු වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

බ්‍රිස්බන් නගරයේ පමණක් පසුගිය මාසයේදී සූදූ ක්‍රීඩා සඳහා යොදවා ඇති මුදල ඩොලර් මිලියන 52 කට අධිකයි.

එනම් පැයකට ඩොලර් 71,500 ක පමණ මුදලක් පෝකර් යන්ත්‍ර සඳහා භාවිත කර ඇති බව සඳහන්.

පෙබරවාරි මාසයේදී බ්‍රිස්බන් නගරයේ විවිධ සූදූ ක්‍රීඩා කිරීම් සඳහා වැය කර තිබී ඇත්තේ ඩොලර් මිලියන 12 කට ආසන්න මුදලක් පමණයි.

පසුගිය වසර 10 සැළකීමේදී ඔස්ටේ්‍රලියාව පුරා විවිධ සූදූ ක්‍රීඩා ඉසව්වල අඩුවක් දක්නට ඇතත් සූදූ ක්‍රීඩා කරන්නන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවටයි වාර්තා පළවන්නේ.

https://www.9news.com.au/national/new-data-reveals-rising-cost-of-poker-machine-addiction-on-queensland-families/842d49c5-209c-493b-83d1-e2dce1f11137

COMMENTS