ඉගෙනගන්න රට යන සිසුන්ට මහ බැංකුවෙන් සුභ ආරංචියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉගෙනගන්න රට යන සිසුන්ට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

ඉගෙනගන්න රට යන සිසුන්ට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

ආනයන සඳහා සිදුකරන ගෙවීම් බැංකු ක්‍රමය තුලින්ම සිදුකිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

මහබැංකුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ අනුව අදාල ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමගින් බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ආර්ථිකයට යහපත් බව ඔහු කියා සිටියා.

එසේම මහබැංකු අධිපතිවරයා බැංකුවලින් ඉල්ලා සිටියේ විදේශ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට අවශ්‍ය මුදල් ඔවුන්ට ලබාදෙන ලෙසයි.

VIDEO :

COMMENTS