ශ්‍රී ලංකාව බදු වැඩි කල යුතුයි : IMF – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාව බදු වැඩි කල යුතුයි : IMF

ශ්‍රී ලංකාව බදු වැඩි කල යුතුයි : IMF

ශ්‍රී ලංකාව බදු වැඩි කර මූල්‍ය ප්‍රතිපත්තිය තවත් දැඩි කල යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

විනිමය අනුපාතික වෙනස්කම් එහිදී තවත් ලිහිල් විය යුතු බවයි මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාපය සඳහා වන වැඩ බලන අධ්‍යක්ෂ ඈන් මරී ගුල්දේ වොල්ෆ් සඳහන් කලේ.

ශ්‍රී ලංකාව සමග වන මුල්‍ය එකගතා සහ තාක්ෂණික සාකච්ඡා පසුගිය දින කිහිපයේදී සාර්ථක අන්දමින් පැවති බවද ඔන්ලයින් ක්‍රමයට පැවති සාකච්ඡාවදිී ඇය අනාවරණය කර තිබෙනවා.

වියදම් කපා හැර ණය තිරසරභාවය ඉහළ නංවන ලෙසටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ණය මුදලේ ප්‍රමාණය කොපමණද සහ දින වකවානු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාපය සඳහා වන වැඩ බලන අධ්‍යක්ෂ ඈන් මරී ගුල්දේ වොල්ෆ් විසින් අනාවරණය කර නොමැති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

COMMENTS