
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තවත් තරුණියක ස්වාධීන අපේක්ෂිකාවක ලෙස මෙවර ෆෙඩරල් මැතිවරණයට සිඩ්නි හි හියුම් ආසනයට තරග වදිනවා.
Sheneli Dona, මානව හිමිකම් ක්‍රියාකාරිනියක – ව්‍යවසායිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වනවා.
හියුම් ඉතිහාසයේ ලාබාලම අපේක්ෂිකාවද වන Sheneli තවමත් 24 වන වියෙහියි පසුවන්නේ.

ලෝක බැංකුව – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන ගණනාවක් සමග සමීපව කටයුතු කර අත්දැකීම් බහුල චරිතයක් ලෙසයි ඇය සැලකෙන්නේ.
Sheneli Dona ගේ මානව හිමිකම් ප්‍රයත්න සම්බන්ධයෙන් ඩෙන්මාර්ක රැජිණ ඇතුලු පාර්ශව ගණනාවක් විසින්ද ඇගයීමට ලක් කර තිබෙනවා.

කාන්තාවන් සහ ළමුන් නගා සිටුවීම ඇතුලු සැළසුම් රැසක් තමන් සතුව පවතින බවයි ඇය සඳහන් කර සිටින්නේ.