සියලු පක්ෂ කැමතිනම් ඉවත්වීමට සූදානම් බව ජනපති කථානායකට කියලා – විපක්ෂ නායක

රඹුක්කනදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවිධ සටන් පාඨ සහිත විරෝධතා පුවරු ඔසවමින් විරෝධතාවක යෙදීම නිසා මැතිසබයේ දැඩි උණුසුම්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එක් අවස්ථාවකදී විනාඩි 10 කට සභාව කල් තබනු ලැබුවා.

රඹුක්කන සිද්ධියට විරෝධය පළ කිරීමේ පියවරක් ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ලේ එපා යනුවෙන් සඳහන් ස්ටිකරයක් සිය ඇඳුම්වල අලවාගෙන මැති සබයට පැමිණ සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලා.

අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරවයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කලේ.

අනතුරුව අදහස් දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යි.

මෙම වෙඩි තැබීමට අණදුන් සියලු පොලිස් නිළධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වන්නැයි විපක්ෂ නායකවරයා අවධාරණය කලා.

පක්ෂ සියල්ලම කැමති නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා කතානායකට ප්‍රකාශ කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »