Search

ඔලිවර් සම්මානය දිනූ හිරාන් අබේසේකර අරගලයට සහය දෙන්න ලංකාවට

එංගලන්තයේ දී ඔලිවර් සම්මානය දිනා ගත් සම්මානනීය නලු හිරාන් අබේසේකර දිවයිනට පැමිණ තිබෙනවා.

තරුණයන්ගේ ජන අරගලයට සහභාගී වීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඔහු සඳහන් කලේ.

තමන් කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ ගාලු මුවදොර පිටිය බලා පිටත්ව යන බවත් ශ්‍රී ලංකාව තුළ දින 06 ක් රැදී සිටිමින් මෙම අරගලයට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් හිරාන් අබේසේකර කියාසිටියා.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි හිරාන් අබේසේකර පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ සුප්‍රකට නළු නිළියන් රැසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

පසුගියදා ඔලිවර් සම්මානය දිනාගන්නා අවස්ථාවේදීත් හිරාන් අබේසේකර විසින් ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් සිංහල භාෂාවෙන්ම අදහස් දක්වා තිබුණා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »