දකුණු ඔස්ට්‍රේලියා මුව ආවරණ නීති ලිහිල් කරයි

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මුව ආවරණ නීති ලිහිල් කර තිබෙනවා.

එහෙත් ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන, aged care මධ්‍යස්ථාන, බන්ධනාගාර, correctional facilities හෝ පුහුණු මධ්‍යස්ථාන සහ රජයේ හෝ පෞද්ගලික රෝහල්වල තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්යයි.

මගී ප්‍රවාහන සේවා, ගුවන් තොටුපළ සහ ගුවන් යානා වලදී ද මුව ආවරණ පැළඳිය යුතු වනවා.

මේ අතර බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නිල වශයෙන් ඔමික්‍රොන් උපරිම රැල්ල පසුකර ඇති බව ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Andy Robertson කියාසිටියා.

ආසාදිතයින් තවදුරටත් අඩු වූ පසු ගෘහස්ථ මුව ආවරණ පැළදීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම සලකා බැලිය හැකි බව ඔහු සඳහන් කලා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »