විපක්ෂ නායක ඇල්බනීස්ගෙන් අලුත් සෞඛ්‍ය සායන පද්ධතියක්

ඔස්ටේ්‍රලියාව පුරා හදිසි සත්කාර සායන 50 ක අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මෙල්බන් නුවරදී ඔහු නිවේදනය කලේ Medicare Urgent Care Clinics ලෙසින් එම සායන හඳුන්වන බවයි.

කාර්යබහුල රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ සඳහා විකල්පයක් ලෙසයි කම්කරු පක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

අස්ථි බිඳීම්, සුළු පිළිස්සුම් සහ කැපුම් සඳහා මැහුම් ඇතුලු හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට මෙම සායනවලදී ප්‍රතිකාර කෙරෙනු ඇති.

වසර හතරක් තුළ ඩොලර් මිලියන 135 කට වැඩි මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතයි.

පවුල්වලට අවශ්‍ය සෞඛ්‍ය රැකවරණය කඩිනමින් ලබා ගැනීමට මේ මගින් හැකි වනු ඇති බවයි කම්කරු පක්ෂය සඳහන් කරන්නේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »