අගමැති මොරිසන්ගේ ආරක්ෂක රථයක් පෙරළී පොලිසියේ 04 කට තුවාල

අගමැති ස්කොට් මොරිසන් ගේ ආරක්ෂාවට ගමන් ගත් ආරක්ෂක රථයක් ටස්මේනියා හි Elizabeth Town හිදී අනතුරකට ලක්වී තිබෙනවා.

පොලිස් නිළධාරීන් 04 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බව සඳහන්.

Mitsubishi Triton රථයක ගැටුණු මෙම ආරක්ෂක රථය පසුව පෙරළී ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් අතුරින් දෙදෙනෙකු ෆෙඩරල් පොලිස් නිළධාරීන් වන අතර අනෙක් දෙදෙනා ටස්මේනියා ප්‍රාන්ත පොලිස් නිළධාරීන් වනවා.

කෙසේවතත් මෙහිදී අගමැති මොරිසන් ගමන් ගත් රථයට කිසිදු හානියක් සිදුවී නොමැති බව අගමැති ප්‍රකාශකවරයා කියාසිටියා.

https://twitter.com/jekearsley/status/1514467425492045824?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1514467425492045824%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Ffederal-election-2022-prime-ministers-security-vehicle-involved-in-crash%2Fe04333cc-963b-4e00-a642-7157b6d32858

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »