බටහිර ඔස්ට්‍රේලියා කොවිඩ් නීති හා සීමා ලිහිල්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා අලුයම 12.01 සිට සිය කොවිඩ් නීති හා සීමා ලිහිල් කර ඇත.

ඒ අනුව සියලුම hospitality ස්ථාන සහ උත්සව ශාලා සඳහා පනවා තිබූ 500 ක පාරිභෝගික ධාරිතා සීමාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ඉවත් කර තිබේ.

ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයින්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමේදී RAT පරීක්ෂණ කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. නමුත් පර්ත් ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ කොවිඩ් පරීක්ෂණයක් කිරීමට දිරිගන්වනු ලැබේ.

දෙවන Omicron රැල්ලට මුහුණ දීමට ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය උපරිමයෙන් කටයුතු කරන බව ක්වීන්ස්ලන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Steven Miles ප්‍රාන්ත වැසියන්ට පැවසීය.

එක් මාසයකදී ක්වීන්ස්ලන්තයේ රෝහල් ගත වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

පාස්කු දිගු සති අන්තයේ කොවිඩ් එන්නත් සායන සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන බොහෝ ප්‍රමාණයක් වසා දැමිය හැකි බැවින් තම ප්‍රාන්තවල එන්නත් සායන සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන විවෘත කර ඇති වේලාවන් පරීක්ෂා කරන ලෙස ප්‍රාන්ත වැසියන්ට උපදෙස් දී තිබේ.

SOURCE : SBS

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »