බිඳවැටුණු විශ්වාසය ගොඩනගන බවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥා

දේශපාලනය කෙරෙහි බිඳ වැටී ඇති විශ්වාසය තහවුරු කිරීමට තමා බලයට පත්වීමෙන් පසු හැකි සෑම උත්සාහයක්ම දරන බව කම්කරු පක්ෂ නායක විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ෆෙඩරල් මැතිවරණය මැයි 21 වනදා පවත්වන බවට නිල නිවේදනය නිකුත් වීමෙන් පසු ඔහු විසින් සිදුකල පළමු නිල ප්‍රකාශය මෙයයි.

ගාස්තු අඩු කිරීම – පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි වශයෙන් ආයෝජන සිදුකිරීම සහ දූෂණ මර්දන කොමිසමක් පිහිටුවීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර වනවා.

අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු රටවැසියන්ට උසස් ජීවන රටාවක් උදාකරලීමට කැපවන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ.

සිය කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගන්නේ ඉහළම සුදුසුකම් ඇති පුද්ගලයන් පමණක් බවයි ඇන්තනී ඇල්බනීස් වැඩිදුරටත් සඳහන් කලේ.

https://www.9news.com.au/national/federal-election-2022-anthony-albanese-speaks-after-elction-date-set/759cd33f-bc99-4c6b-b5dd-32d20abc9013

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »