ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය සඳහා ඔස්ටේ්‍රලියාවෙන් $ මිලියන 2.5 ක ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රතිපාදන සැපයීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය මරීස් පේන් පැවසුවේ ලෝක ආහාර වැඩසටහන හා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා එම ආධාර සැපයීමට නියමිත බවයි.

කොවිඩ් වසංගතය හමුවේ ගෝලීය ආහාර සැපයුම් ජාල බිඳ වැටීමෙන් ආහාර සුරක්ෂිතභාවයට බලපෑම් එල්ලවීමත් ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාමටත් හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පෝෂණ තත්වය නගා සිටුවීම අරමුණු කරගෙනයි ඔස්ටේ්‍රලියාව විසින් මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇත්තේ.

https://www.foreignminister.gov.au/minister/marise-payne/media-release/supporting-food-security-sri-lanka?fbclid=IwAR2vt-ymLUdHo3eR9NpG5Y_ysESU3QuJhtmRziWhPIYgXKkSyfPfb4LWM38

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »